by Staff writer 04-09-2021 | 12:32 PM
COLOMBO (News 1st) -අද (04) උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 739 අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 64,647 අත්අඩංගුවට ගෙන ඇති බවය.
බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති මාර්ග බාධක 13කදී, පුද්ගලයින් 839 දෙනෙකු ගතවූ පැය 24 තුළ පරික්ෂා කර ඇත.