COLOMBO (News 1st) - සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට(05) සහ අනිද්දා(06) විවෘත කෙරෙනු ඇත.
ඒ සමගම, කොළඹ දිස්ත්‍රික්කය පුරා නිවසටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සැලැස්මක් ද ක්‍රියාක්මකයි.
මේ අනුව දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවලට ගොවි නිෂ්පාදන ගෙන ඒමට අවසර ලැබේ.
අතිරික්ත එළවළු ජංගම රථ මගින් අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
කෘෂිකර්ම අමාත්‍ය, මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
අපි ඒ සියලුම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන හරහා මිලදී අරගෙන ප්‍රාදේශීය ලේකම්වරු හරහා බලපත්‍ර දීලා සියලුම නිවෙස් කරා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට කටයුතු යොදලා තියෙනවා. ඒ නිසා කිසිදු ආහාර හිඟයක් ඇතිවෙන්නේ නෑ. එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු හරහා අපි බෙදා දෙන්න කටයතු කරනවා. ඒවාගේම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරලා කිසිම නිෂ්පාදකයෙකුට ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉඩ දෙන්නෙ නෑ. මේ යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා.
මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් හෙට සහ අනිද්දා යන දිනවලදී කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රික් ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා,
නිවසටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් හෙට සිට ආරම්භ කිරීමට කටයුතු යොදලා තියෙනවා. යම්කිසි පාරිභෝගිකයෙක්ට ඒ තමන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍යය නම් ඒඳහා විශේෂයෙන්ම ආර්ථික මධ්‍යස්ථානය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ එක්කම ආර්ථික මධ්‍යස්ථාන 4 හරහා අපි බලාපොරොත්තු වෙනවා එළැඹෙන සතිය තුළදී විශේෂ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැක් එකක් හඳුන්වලා දෙන්න. රුපියල් 1000 ක වැනි මිලකට ආහාර ද්‍රව්‍ය පැක් එකක් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අත්‍යවශය ආහාර ද්‍රව්‍ය මල්ලත් ඔවුන්ගේ නිවසටම අවශ්‍ය පාරිභෝගිකයින්ට ගෙන ගොස් ලබාදීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වනවා.