කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් සජබ පහන් පූජාවක

රිගන් කෝව් හා බ්‍රොනප්‍රිව් ඖෂධය මෙරටට ගෙන්වීමට පමා වී හෝ තීරණය කිරීම ගැන සතුටට පත් වෙනවා - විපක්ෂ නායක

by Staff writer 03-09-2021 | 10:10 PM

COLOMBO (News 1st) - අමෙරිකාවේ රිගන් කෝව් ලෙස හා බ්‍රිතාන්‍යයේ රොනප්‍රිව් ලෙස හැඳින්වෙන ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීමට පමා වී හෝ තීරණය කිරීම ගැන සතුටට පත්වන බව විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම ඖෂධයේ වැදගත්කම විපක්ෂ නායකවරයා මුලින්ම ට්විටර් පණිවුඩයක් මගින් අවධාරණය කළේ, පසුගිය අගෝස්තු 28 වැනි දායි. ලෝකය පුරා විශාල ඉල්ලුමක් හටගෙන ඇති වාතාවරණයක විපක්ෂ නායකවරයා යළි මෙම ඖෂධ ගෙන්වා ගන්නා ලෙස අගෝස්තු 30 වැනි දා ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. කොරෝනා ආරම්භයේදීම එන්නත්කරණයේ හා මුව ආවරණ පැළඳවීමේ වැදගත්කම පෙන්වා දෙන විට උපාහාසයෙන් බැහැර කළ අයුරින්ම මෙම ඉල්ලීම ද බැහැර කළ ද අද ඊට අනුමැතිය ලබාදීම අශ්වයා පළ ගිය පසු ස්ථාලය වැසීමක් වුව ද ජන ජීවිතය ගැන සැලකිල්ල යොමු කිරීම වැදගත් බව මෙම නිවේදනයේ සඳහන් වේ. මිත්‍යාව වෙනුවට විද්‍යාව ගැන විශ්වාසය තබා මීට වඩා ප්‍රබුද්ධ හා වගකීම් සහගත ලෙස පියවර ගතහොත් මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට හැකිවනු ඇති බව සමගි ජන බලවේගය වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර කොවිඩ් වසංගතයෙන් රෝගී වූ පිරිස් වෙත සුවය ප්‍රාර්ථනා කරමින් සමගි ජන බලවේගය විසින් දිවයින පුරා ආශිර්වාදාත්මක පහන් පූජාවක් සිදු කරනු ලැබේ. අද(03) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද විපක්ෂ නායක කාර්යාලයේදී පහන් දල්වා දිවයිනේ සමස්ත කොවිඩ් රෝගීන්ට සුවය ප්‍රාර්ථනා කළේ ය.