රුපියල්වලින් වැඩි කරාට ඒක ගැලවිලා යන්නේ ඩොලර්වලින්

මොඩන් මොනිටරි තියරි කියලා පොලි අනුපාතය අඩු කරන්න කියලා කෘතීමව මුදල් පොම්ප කරනවා - දනනාත් ප්‍රනාන්දු

by Staff writer 03-09-2021 | 11:24 PM

COLOMBO (News 1st) - ආණ්ඩුව අනුගමනය කරන මූල්‍ය කළමනාකරණ උපාය මාර්ග සම්බන්ධයෙන් ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දනනාත් ප්‍රනාන්දු මහතා ඊයේ(02) සිරස ටීවී ඔස්සේ විකාශය වූ මාවත වැඩසටහනට එක්වෙමින් මෙසේ අදහස් පළ කළේ ය.

ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, දනනාත් ප්‍රනාන්දු මහතා,
මහ බැංකුව අනුගමනය කළා ඔය මොඩන් මොනිටරි තියරි කියන එක. මොඩන් මොනිටරි තියරි කියලා පොලි අනුපාතය අඩු කරන්න කියලා කෘතීමව මුදල් පොම්ප කරනවා. ඒ කියන්නේ මුදල් බේස් එක වැඩි කරනවා සාමාන්‍යයෙන් අපි කියන්නේ මුදල් අච්චු ගහනවා කියලා. එහෙම කරාම ගයාන් වක්‍රකාරයෙන් කාටවත් හිතෙන්නේ නැහැ වැඩිපුරම නැති වෙන්නේ විදේශ විනිමය. මම උදාහරණයක් කියන්නම් ආණ්ඩුවෙන් මේ දිනවල දෙනවනේ රුපියල් 2000 ක් පිරිසට. 2000 දැන් හම්බ වුණොත් මට හම්බ වුණොත් මම මොනවද ගන්නේ? කඩේට ගිහිල්ලා ගෑස් සිලින්ඩරයක් ගන්නවා. පරිප්පු ටිකක් ගන්නවා. හාල්මැස්සෝ ගන්නවා. සැමන් ටින් එකක් ගන්නවා. ඔය ඔක්කොම ටික ගයාන් අනායනය. ගෑස් අනායනය කරනවා. පරිප්පු ආනයනය කරනවා. සැමන් ආනයනය කරනවා. එතකොට ගයාන් මහ බැංකුව කොච්චර මනී බේස් එක වැඩි කරලා මට දුන්නත් වක්‍රාකාරයෙන් වට දෙකක් යනකොට එන්නේ ආනයනකරුවන්ට. ඩොලර් එකට ආයෙත්  පෙශර් එක වැඩිවෙනවා. එතකොට විදේශ විනිමය ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. එතකොට ඒක තමයි මේ මම නිතරම කියන්නේ වෙලා තියෙන්නේ. අපි මුදල් පද්ධතියේ මුදල් වැඩි කරන්න වැඩි කරන්න. රුපියල්වලින් වැඩි කරාට ඒක ගැලවිලා යන්නේ ඩොලර්වලින්.