පොළොන්නරුවේ හාල් ගබඩා පරීක්ෂාවට

පාරිභෝගික අධිකාරිය පොළොන්නරුවේ හාල් ගබඩාවලට: ඇතැම් ගබඩාවලදී මාධ්‍යට දොරටු වැසෙයි..

by Staff writer 03-09-2021 | 10:58 PM

COLOMBO (News 1st) - පාලන මිලට සහල් නිකුත් කරන්නේ ද යන්න පිළිබඳව අද(03) පාරිභෝගික අධිකාරිය පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල්වල පරීක්ෂා කර තිබේ.

මෙම අවස්ථාවට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. පොළොන්නරුවේ පිහිටි අරලිය සහල් මෝලට පැමිණි නිලධාරීන් එහි හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා සමග පාලන මිලට සහල් නිකුත් කිරීම පිළිබඳව සාකච්ඡා කළේ ය. මේ අතර නිපුන සහල් මෝලේ හිමිකරු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සමග සාකච්ඡා කළේ ය. වැලිකන්ද, සිංහපුර රත්න සහල් මෝලේ වී තොග ගබඩාව ද අද නිරීක්ෂණය කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මාධ්‍යවේදීන් කිසිවෙකුට එම ස්ථානයට ඇතුළු වීමට ඉඩනොදුන් බවය.