ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඖෂධ නියාමන අධිකාරියට

දත්ත අතුරුදන් වීම: යම් යම් අඩු පාඩු සිද්ධ වෙලා තිබෙන බව පේනවා - සංජීව එදිරිමාන්න

by Staff writer 03-09-2021 | 10:17 PM

COLOMBO (News 1st) - ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් වීම පිළිබඳව සොයා බැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (03) ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණ තිබේ.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ප්‍රදීප් උඳුගොඩ, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම, සංජීව එදිරිමාන්න මහතා,
සාමාන්‍යයෙන් අපේ නිරීක්ෂණය තමයි මේ දත්ත මැකීයාම හා අදාළව ඕනෑම අවස්ථාවකදී ඊට අදාළ විකල්ප තොරතුරු ගොනුවක් අපි කියන්නේ සාමාන්‍යයෙන් බැකප් එකක් කියලා බැකප් එකක් පවත්වාගෙන යාම සම්බන්ධව මූලික මූලධර්මවල යම් යම් අඩු පාඩු සිද්ධ වෙලා තිබෙන බව අපේ නිරීක්ෂණයට ලක් වෙනවා. සභාපතිවරයා ප්‍රධාන විධායක නිලධාරීවරයා, තොරතුරු තාක්ෂණ ප්‍රධානියා ඇතුළු බලධාරීන් අපිට වගකීමෙන් කිව්වා කොවිඩ් මර්දන ක්‍රියාන්විතය හා සම්බන්ධ  සියලු ක්‍රියාකාරකම් මැනුවල් ක්‍රියාවලියක් විදියට තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා මේ දත්ත පද්ධතිය මැකීයාමත් මේ මොහොතට අදාළව විශේෂිත මහජන පීඩාවක් ඇතිවෙන්න කිසිසේත්ම ඉඩක් නැහැ කියලා, නමුත් මැකී ගිහිල්ලා තියෙන තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. මීට පෙර අතීත වාර්තා ගණනාවක් ඒවා නැවත recovery කර ගැනීම හා සම්බන්ධව ඔවුන් අදාළ ආයතන සමග සම්බන්ධව කටයුතු කරන බව සඳහන් කළා. ඊට අමතරව මේ සිදුවීම පිළිබඳව නෛතික විමර්ශනයක් සිද්ධ වෙමින් තිබෙනවා.