ද.අප්‍රිකා නායකයාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමිවෙයි

ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි: දකුණු අප්‍රිකා පිලට අලුත් නායකයෙක්..

by Staff writer 03-09-2021 | 6:02 PM

COLOMBO (News 1st ) - ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක ටෙම්බා බවුමාට අහිමි වී තිබේ .

ඒ, ඊයේ(02) නිමා වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී ඇඟිල්ලක අස්ථී බිඳී යෑමක් හේතුවෙනි . ඒ අනුව, ඉදිරි එක්දින තරග දෙකේදී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කේෂව් මහරාජ්ට පැවරී තිබේ. දෙරට අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය හෙට(04) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.