තොප්පිගලින් බෞද්ධ විහාර සංකීර්ණයක නටඹුන් මතු වෙයි

තොප්පිගලින් මතුවූ ඉපැරණි ජනාවාසයක නටඹුන්...

by Sagarika Chathumali 03-09-2021 | 11:29 PM

COLOMBO (NEWS1ST) :  තොප්පිගල, නරකමුල්ල ප්‍රදේශයේ සිදු කරන පුරාවිද්‍යා ගවේෂණයක දී අනුරාධපුර යුගයට අයත් බෞද්ධ විහාර සංකීර්ණයක නටඹුන් සොයා ගෙන තිබේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ යුද හමුදාවේ අනුග්‍රහයෙන් මෙම ගවේෂණය සිදු කරනු ලබන්නේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යන ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් විසිනි. මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ , මෙම විහාර සංකීර්ණය ගවේෂණයේ දී සෙල්ලිපි දහසයක් සොයා ගත් බවයි . ඒ අතර කාවන්තිස්ස රජු විසින් කරන ලද ප්‍රදානයක් සඳහන් වන සෙල් ලිපියක් ද වන බව මහාචාර්ය සෝමදේව මහතා සඳහන් කළේ ය. මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, මෙම විහාර සංකීර්ණයේ ගුහා විහාර,චෛත්‍යය ගොඩැලි , ඉපැරණි ගල් කැටයම් සහ විනාශ කර ඇති පිළිමවල නටඹුන් ද හමු වන බවයි . මේ අනුව තොප්පිගල ප්‍රදේශය ලංකාවේ නැගෙනහිර පළාතේ ඉතාම පුරාණ ජනාවාස මැනවින් ව්‍යාප්තව තිබූ ප්‍රදේශයක් බව පැහැදිලි වන බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. තොප්පිගල මහ වනාන්තරයේ නටඹුන් වී ගිය වැව් රාශියක් දක්නට ඇති බවත් ගවේෂණය තවදුරටත් ක්‍රියාත්මක බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ ය.