home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
තොප්පිගලින් මතුවූ ඉපැරණි ජනාවාසයක නටඹුන්...
by Sagarika Chathumali
03-09-2021 | 11:29 PM
COLOMBO (NEWS1ST) :
තොප්පිගල, නරකමුල්ල ප්‍රදේශයේ සිදු කරන පුරාවිද්‍යා ගවේෂණයක දී අනුරාධපුර යුගයට අයත් බෞද්ධ විහාර සංකීර්ණයක නටඹුන් සොයා ගෙන තිබේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ යුද හමුදාවේ අනුග්‍රහයෙන් මෙම ගවේෂණය සිදු කරනු ලබන්නේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යන ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් විසිනි. මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ , මෙම විහාර සංකීර්ණය ගවේෂණයේ දී සෙල්ලිපි දහසයක් සොයා ගත් බවයි . ඒ අතර කාවන්තිස්ස රජු විසින් කරන ලද ප්‍රදානයක් සඳහන් වන සෙල් ලිපියක් ද වන බව මහාචාර්ය සෝමදේව මහතා සඳහන් කළේ ය. මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, මෙම විහාර සංකීර්ණයේ ගුහා විහාර,චෛත්‍යය ගොඩැලි , ඉපැරණි ගල් කැටයම් සහ විනාශ කර ඇති පිළිමවල නටඹුන් ද හමු වන බවයි . මේ අනුව තොප්පිගල ප්‍රදේශය ලංකාවේ නැගෙනහිර පළාතේ ඉතාම පුරාණ ජනාවාස මැනවින් ව්‍යාප්තව තිබූ ප්‍රදේශයක් බව පැහැදිලි වන බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. තොප්පිගල මහ වනාන්තරයේ නටඹුන් වී ගිය වැව් රාශියක් දක්නට ඇති බවත් ගවේෂණය තවදුරටත් ක්‍රියාත්මක බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ ය.
වෙනත් ලිපි
2026-09-22 දිනට අදාළ කැබිනට් තීරණ
ලොකු පැටීගේ රු ලක්ෂ 350ක දේපල ක්‍රියාවිරහිත කෙරේ.
22 සංශෝධනය සම්මත කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වය තවදුරටත්
පාස්කු දින ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද..
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය