ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි: දකුණු අප්‍රිකා පිලට අලුත් නායකයෙක්..

ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි: දකුණු අප්‍රිකා පිලට අලුත් නායකයෙක්..

ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි: දකුණු අප්‍රිකා පිලට අලුත් නායකයෙක්..

කර්තෘ Staff writer

03 Sep, 2021 | 6:02 pm

COLOMBO (News 1st ) – ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක ටෙම්බා බවුමාට අහිමි වී තිබේ .

ඒ, ඊයේ(02) නිමා වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී ඇඟිල්ලක අස්ථී බිඳී යෑමක් හේතුවෙනි .

ඒ අනුව, ඉදිරි එක්දින තරග දෙකේදී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කේෂව් මහරාජ්ට පැවරී තිබේ.

දෙරට අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය හෙට(04) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]