සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 02-09-2021 | 10:26 PM

COLOMBO (NEWS1ST) : සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, ? පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රැම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක් ? පැකට් නොකළ දුඹුරු හෝ රතු සීනි කිලෝග්‍රැම් එකක් රුපියල් 125 ක් ? පැකට් කළ සුදු සිනි කිලෝග්‍රැම් 01 ක උපරිම සිල්ලර මිල ද රුපියල් 125 ක්. ? පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝග්‍රැම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 128 ක්. මේ අතර, සහල් මිල සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව, ? කිරි සම්බා කිලෝග්‍රැම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක්. ? සුදු හෝ රතු සම්බා කිලෝග්‍රැම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 103 ක්. ? සුදු හෝ රතු නාඩු කිලෝග්‍රෑම් 1 ක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක්. ? සුදු හෝ රතු කැකැළු සහල් කිලෝග්‍රැම් 01 ක උපරිම සිල්ලර මිල, රුපියල් 95 ක්.