ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3ක කොවිඩ් මරණ ඉහළයාමක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3ක කොවිඩ් මරණ ඉහළයාම ගැන හෙළිදරව්වක්...

by Staff writer 02-09-2021 | 12:23 PM

COLOMBO (NEWS1ST) :  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ සංඛ්‍යාව අගෝස්තු අවසන් වන විට 15% කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සතියකට වරක් නිකුත් කරන වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ කොරෝනා මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇති බව වාර්තා වේ. අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ දකුණු ආසියානු කලාපයේ මරණ සංඛ්‍යාව පහළ යද්දී ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 19% කින්

ටිමෝර් ලෙස්ටේ

රාජ්‍යයේ සහ ඉන්දියාවේ 32% කින් හා 17% න් ඉහළ ගොස් ඇති බවයි. පසුගිය සතිය සමග සසඳන විට කාලපයෙන් නව මරණ 14 ,000 ක් වාර්තා වී තිබේ. එය සාපේක්ෂ වශයෙන් 20% ක අඩුවීමකි.