පරාක්‍රම සමුද්‍රයේ රළපනාව යළි හදන්නේ කවදා ද?

පරාක්‍රම සමුද්‍රයේ හානි කළ රළපනාව යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද කරන්නේ වැව ස්වභාවිකව විනාශ කර දැමීමේ අපේක්ෂාවෙන්ද?

by Staff writer 02-09-2021 | 9:46 PM

COLOMBO (News 1st) - ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා බිඳ දමා අදට(02) දින 08කි.

එය යථා තත්ත්වයට පත් කිරීමට තවමත් කිසිදු උත්සාහයක් ගෙන නැත. ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට යැයි පවසා පරාක්‍රම සමුද්‍රයේ රළ පනාවට හානි කළේ, බැකෝ යන්ත්‍ර පවා යොදා ගනිමිනි. මහා සංඝරත්නයේ හා ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මත ව්‍යාපෘතියේ වැඩ මේ වනවිට නවතා දමා තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, පූජ්‍ය කඳුරුවෙල ධම්මපාල හිමි,
මේ කටයුත්ත පිළිබඳව සැලකිලිමත්වන්න. වර්ෂාව ආවොත් මේ බැම්මට හානියක් වෙනවාමයි. ඒක හැමෝම දන්න දෙයක්. මේ වෙනකොට අපිට විශේෂඥයින් පවා කිව්වේ මේක සුදුසු දෙයක් නෙවෙයි කියලා. පොළොන්නරුවේ ඕනෑතරම් ඇවිදින මංතිරු තියෙනවා. මේක සුදුසු දෙයක් නෙවෙයි.
අන්තර් මෝසම සක්‍රීය වීමත් සමග එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදීත් ඉන් පසුව ඊශාන දිග මෝසම් වර්ෂාවෙනුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තද වැසි අපේක්ෂා කරයි. පරාක්‍රම සමුද්‍රයේ හානි කළ රළපනාව යථා තත්ත්වයට පත්කිරීම ප්‍රමාද කරන්නේ වැව ස්වභාවිකව විනාශ කර දැමීමේ අපේක්ෂාවෙන්ද?