ලොකුම බලාපොරොත්තුව දඟ පන්දුයවන්නන්..

දඟ පන්දු යවන්නන් පිළිබඳ වැඩි විශ්වාසයක් තබමින් දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල අද දකුණු අප්‍රිකාවට එරෙහිව තරග බිමට..

by Staff writer 02-09-2021 | 10:58 AM

COLOMBO (News 1st) - දඟ පන්දු යවනන්නන්ට වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගැනීමට හැකි වුවහොත්, දකුණු අප්‍රිකාවට එරෙහි ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.

කණ්ඩායමක් ලෙස ජයග්‍රාහී මාසිකත්වයකින් සිටින බවත්, කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් තරගාවලියට හොඳ සූදානමකින් සිටින බවත් දසුන් ශානක සඳහන් කළේය. ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු එක්දින ක්‍රිකට් තරගය අද(02) සවස 3.00ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. දෙරට අතර ක්‍රිකට් තරගාවලියට එක්දින තරග 3ක් සහ පන්දුවාර 20යි 20 තරග 3ක් ඇතුළත්ව ඇත. එම සියලු තරග පැවැත්වෙන්නේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.