මෙරටින් තවත් කොරෝනා මරණ 204 ක්...

කොරෝනා මරණ 204 ක්... මියගිය පිරිසෙන් 5 දෙනෙක් 30 ට අඩු ආසාදිතයින්

by Sagarika Chathumali 02-09-2021 | 8:46 PM

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 204 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9,604 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 109 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 95 දෙනා කාන්තාවන් ය. වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් 5 දෙනෙක් සිටිති. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 50 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 149 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (02) වාර්තා කරන ලද මෙම මරණ 204 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.