කොවිඩ් වෛරසයේ තවත් ප්‍රභේදයක්

එන්නත්වලට ප්‍රතිවිරෝධි මියු වෛරස් ප්‍රභේදය පිළිබඳව WHO අනතුරු ඇඟවීම්..

by Staff writer 02-09-2021 | 8:15 PM

COLOMBO (NEWS1ST) :  ඉකුත් ජනවාරි මාසයේ කොලොම්බියාවෙන් හමුවූ බව සැලකෙන මියු නමැති තවත් කොරෝනා ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය තොරතුරු අනාවරණය කර තිබේ.

එම සංවිධානය පවසන්නේ මියු නැමැති B.1.621 ලෙස හැඳින්වෙන නව ප්‍රභේදය කිසියම් අවදානමක් පෙන්නුම් කරන්නක් බවයි. එය එන්නත්වලට ප්‍රතිරෝධීවීමේ අවදානමක් පෙන්නුම් කරන විකෘතිතා ඇතැයි ද සඳහන් ය. එහෙයින් ඒ පිළිබඳව හොඳින් අවබෝධ කර ගැනීම සඳහා වැඩිදුර අධ්‍යයන අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මෙම නව කොරෝනා ප්‍රභේදය මේ වනවිට දකුනු අප්‍රිකාවේත් , යුරෝපයේත් ඇතැම් රටවලත් සීග්‍රයෙන් පැතිර යමින් තිබේ.