සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක්

කර්තෘ Staff writer

02 Sep, 2021 | 10:26 pm

COLOMBO (NEWS1ST) : සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව,

📌 පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රැම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක්

📌 පැකට් නොකළ දුඹුරු හෝ රතු සීනි කිලෝග්‍රැම් එකක් රුපියල් 125 ක්

📌 පැකට් කළ සුදු සිනි කිලෝග්‍රැම් 01 ක උපරිම සිල්ලර මිල ද රුපියල් 125 ක්.

📌 පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝග්‍රැම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 128 ක්.

මේ අතර, සහල් මිල සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව,

📌 කිරි සම්බා කිලෝග්‍රැම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක්.

📌 සුදු හෝ රතු සම්බා කිලෝග්‍රැම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 103 ක්.

📌 සුදු හෝ රතු නාඩු කිලෝග්‍රෑම් 1 ක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක්.

📌 සුදු හෝ රතු කැකැළු සහල් කිලෝග්‍රැම් 01 ක උපරිම සිල්ලර මිල, රුපියල් 95 ක්.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]