
පහන්තුඩාව ඇල්ල අසල අසභ්‍ය විඩියෝවේ පෙනී සිටි යුවළ අත්අඩංගුවට
පහන්තුඩාව ඇල්ල අසල අසභ්‍ය විඩියෝවේ පෙනී සිටි යුවළ අත්අඩංගුවට
කර්තෘ Staff writer
COLOMBO (NEWS1ST) : බලංගොඩ, පහන්තුඩාව දිය ඇල්ල අසල අසභ්‍ය විඩියෝවේ පෙනී සිටි යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ , පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය කළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර , පහන්තුඩාව දිය ඇල්ල අසල රූගත කර ඇති අසභ්‍ය විඩියෝ දර්ශන ඉවත් කරන්නැයි ද , වෙබ් අඩවි වෙත පොලීසිය දැනුම්දී තිබේ.
අදාළ කාන්තාව සහ පුරුෂයා යොදා ගෙන කණ්ඩායමක් විසින් අදාළ ප්‍රදේශයේදී මෙම රූගත කිරීම සිදු කර ඇති බව අනාවරණය වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.
අසභ්‍ය අසෝබන වීඩියෝ දර්ශන ළඟ තබා ගැනීම, බෙදා හැරීම සහ නිෂ්පාදනය කිරීම නීතිය යටතේ දණ්ඩනීති සංග්‍රහය යටතේ සහ අසභ්‍ය ප්‍රකාශන සංශෝධන පනත යටතේ දඩුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- ධීවරයින්ට විශේෂ දැනුම්දීමක්..
- සරසවි සිසුවිය ඝාතනය: බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගන්නා සැකකරු 13 තෙක් රිමාන්ඩ්
- පළාත් 4කට අද රාත්‍රියේ ධාරාණිපාත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර…
- වී වගාව ආශ්රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්..
- මුහුදු සීමා උල්ලංඝණය කළ ලාංකික ධීවරයින් 5ක් මියන්මාර ආරක්ෂක අංශ භාරයට..
- අසාධාරණ බදු පනතට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීය සමිති අද රැස්වෙයි…
- නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
- පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි..