සඟවා ඇති සීනි තොග සොයා වැටලීම්..

සඟවා ඇති සීනි තොග සොයා වැටලීම්..

by Staff writer 01-09-2021 | 9:28 PM

COLOMBO (News 1st) - සඟවා ඇතැයි කියන සීනි තොග සොයා මේ වනවිට වැටලීම් ක්‍රියාත්මක වේ.

වැටලීම්වලදී සොයා ගන්නා තොග සතොසට ලබාගෙන ජනතාවට බෙදා දීමට පියවර ගනිමින් සිටී. මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සීනි ගබඩාවත් පාරිභෝගික කටයුතු අධිකාරිය අද(01) වැටලුවේ ය. අප වාර්තාකරු පැවසුවේ, එහි තිබූ සීනි මෙට්‍රික් ටොන් 313 ක් සොයගත් බවයි. ගබඩාවට සීල් තැබීමට මේ වනවිට පියවර ගෙන ඇත. මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා වත්තල, මාබෝල, බංගලාවත්ත ප්‍රදේශයේ මුද්‍රා තැබී ගබඩාවේ තිබූ සීනි තොගය සතොසට ලබාදීම අද සිදු විය. ගබඩාවට මුද්‍රා තබන අවස්ථාවේ ඒ තුළ තිබූ සීනි තොගය මෙට්‍රික් ටොන් 4400 කට ආසන්නයි. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානයක මහතා,
කොවිඩ් 19 මේ ප්‍රශ්න සහගත අවස්ථාවේ ජනතාව පීඩාවට පත් වෙලා ඉන්න අවස්ථාවේ ජනතාවගේ යහපත උදෙසා අතිගරු ජනාධිපතිතුමා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරා. බලය පැවරුවා. විශේෂයෙන්ම  අත්‍යවශ්‍ය ජනරාල්වරයෙක් පත් කරලා අපිට බලය විමධ්‍ය ගත කරලා තියෙනවා, මේ අනුව සඟවා තබා ගෙන පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොවි තොග රැස් කිරීම සම්බන්ධයෙන් ඒ ස්ථානයට ගිහින් සීල් තියාලා නීති මාර්ගයෙන් කටයුතු කරනවා.