COLOMBO (News 1st) - අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර ලක්ෂකයට අධික ප්‍රමාණයක කෝමාරික වගා කිරීමේ ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව හකුලා ගන්නා ලෙස පරිසර සංවිධාන රජයට බල කරයි.
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ, ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී දැවැන්ත පාරිසරික හානියක් සිදුවන බවය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් විසින් කෝමාරිකා වගා කිරීමේ ව්‍යපෘතිය පිළිබඳව යෝජනාව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කර තිබුණි.
කැබිනට් තීරණවල සඳහන් වන්නේ, මෙය අමෙරිකානු ඩොලර් මිලියන 783 ක ආයෝජනයක් බවය.
පරිසරවේදී, සජීව චාමිකර මහතා,
අවුරා ලංකා පුද්ගලික සමාගම කියන මේ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන්නේ චන්දික විරංජිත් කියන මහත්තයා ඒ පුද්ගලයා කොහොමද අද වනවිට ඩොලර් මිලියන 783 ක අයෝජනයක් කරන්නේ. අපිට පැහැදිව පේනවා මේ අයෝජනය පිටිපස්සේ කවුරු හෝ දේශපාලනඥයෙක් හෝ වෙනත් පුද්ගලයෙක් මේ පිටිපස්සේ පැහැලිදිවම ඉන්නවා. ඊයේ දවසේ අපි දැක්කා එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා පැහැදිලි කරනවා මේ පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයෙක් විදිහට හඳුන්වන්න උත්සහ කරනවා. එතකොට අපිට ඉතාම පැහැදිව පේනවා මේ කළු මුදල් භාවිතා කරන මේ ක්‍රියාවලිය සාධාරනීකරණය කිරීම සඳහා මේ අමාත්‍යවරු පවා මැදිහත් වෙලා තියනවා.
පරිසරයට සිදුවන හානි පිළිබඳවත් මෙහිදී අදහස් පළ විය.
පරිසරවේදී, සජීව චාමිකර මහතා,
අපි ඉතාම පැහැදිලිව කියනවා විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ පිහිටලා තියන කලාඔය හරස් කරලා මේ ව්‍යාපෘතිය සඳහා වතුර ලබා ගැනීම සඳහා ඇළ මාර්ග සකස් කරලා වනාන්නතර එළිපෙහෙලි කිරීම් සිදුවෙන අවස්ථාවේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයාට විරුද්ධව අධිකරණයට මේ කරුණු වාර්තා කරලා තියනවා බී වාර්තාවකින්. එතකොට මේ වන විටත් අධිකරණයේ විභාග වෙනවා නඩුකරයක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරපු. ඉතින් අපිට පේනවා මේ ව්‍යාපෘතියේදී කොතරම් නීති විරෝධී තත්ත්වයක් සිද්ධ වෙනවාද? මේ ව්‍යාපෘතිය අපි දන්නවා මේ වනවිට කහබිලියාපිටිය වැව මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශයට ලක් කරලා තියනවා. එතකොට කහබිලියා පිටිය වැව කියන්නේ රාජාංගනය ප්‍රදේශයේ යාය 18 ගම්මානයේ තියන වැවක් ඒ වැව යටතේ අක්කර 130 ක භූමි ප්‍රමාණයක් කුඹුරු ගොවිතැන හා ගොඩ ගොවිතැන කරලා තියනවා. අද වනවිට කිසිදු අනුමැතියකින් තොරව ඒ වැව සම්පූර්ණයේම ගැඹුරු කරලා ජලය ලබා ගන්න බැරි තත්ත්වයකට පරිවර්තනය කරලා තියනවා. ඒ වගේම ඇළ මාර්ග පවා සම්පූර්ණයෙන්ම කඩලා ඉවත් කරලා තියනවා.