COLOMBO (News 1st) - කොවිඩ් ආසාදනය වී නිවාසවල මියයන රෝගීන් ප්‍රමාණය ඉහළ යමින් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනාවරණය කරයි.
පසුගිය 27 වැනිදායින් අවසන් වූ සතිය තුළ පමණක් පුද්ගලයින් 194 දෙනෙකු නිවෙස් තුළ මියගොස් ඇතැයි එම ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
පසුගිය 21 වැනි දා සිට 27 වැනි දා දක්වා වූ දින 7 තුළ කොවිඩ් ආසාදිතව කාන්තාවන් 99 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 95 දෙනෙකු නිවෙස් තුළ මියගොස් තිබේ.
මේ දක්වා නිවෙස් තුළ මියගොස් ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,094කි.
ප්‍රතිශතයක් ලෙස සමස්ත මරණ සංඛ්‍යාවෙන් 13.1%ක් නිවෙස්වල සිදුවූ මරණ ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි.
මීට අමතරව රෝහල්ගත කරන අතරතුර පසුගිය සතිය තුළ මියගිය පුද්ගයින් ගණන 66කි.
එම තත්ත්වයේ සමස්ත මරණ සංඛ්‍යාව 493ක් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනාවරණය කරයි.
රෝහල්ගත කර අතරතුර මියගිය සංඛ්‍යාව සමස්ත මරණ සංඛ්‍යාවෙන් 5.9%කි.
වංසගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලින් අනාවණය වන්නේ, කොවිඩ් ආසාදිතයින්ගෙන් 20%කට ආසන්න පිරිසක් රෝහලකට ඇතුළත් කිරීමට පෙර මියගොස් ඇති බවය.
කොවිඩි රෝග පාලන රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,
අපි දකිනවා සමහර අය පුද්ගලිකව ගිහිල්ලා ඇන්ටිජන් පරීක්ෂා සිදු කරනවා. සමහර විට සෞඛ්‍යට දැනුම් දෙන්නේ නෑ PHI මහත්තවරුන්ට දැනුම් දෙන්න සමහර 65 ට වැඩි අයත් නිවාස ප්‍රතිකාර කරන්න අවස්ථාව දිපු නිසා නිවෙස්වලට වෙලා ඉන්නවා. සමහර විට සංකූලතා ඇවිල්ලා රෝහල්ගත වෙන්න ප්‍රමාද වෙනකොට සමහර මරණ සිද්ධ වෙනවා. ඒ නිසා අපි රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ තමුන් තින්දු කරන්න එපා ඇන්ටිජන් පරීක්ෂාවක් කරොත් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට හරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට හරි දැනුම් දෙන්න. ඔවුන් තීරණය කරයි නිවසේ ප්‍රතිකාර කරනවාද නැත්තම් රෝහල්ගත කරනවා ද කියලා. ඒ වගේම තවම එන්නත ලබා නොගත් විශේෂයෙන්ම 65 ට වැඩි අය ඉන්නවා නම් කරුණාකරලා ළඟම තියෙන සායනයට ගිහිල්ලා ඒ එන්නත ලබා ගන්න.
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ වැඩසටහනේ සම්බන්ධීකාරක,
මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා,
කොරෝනා වසංගය පැතිරීමේ වේගය වැඩිවෙලා තියනවා විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ගත්තාම බස්නාහිර පළාත තුළ රෝගය පැතිරීමේ වේගය පැතිරිලා තියනවා ඒ වගේම අපි නිරීක්ෂණය කරලා තියන තව දෙයක් තමයි නිවෙස් තුළ මේ රෝගය පැතිරීම ඉතා සීඝ්‍රයෙන් සිද්ධ වෙනවා ඉතිං මේ වගේ වේගයෙන් පැතිරෙන තත්ත්වයක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් පද්ධතියට දාරාගත හැකි රෝගීන් මට්ටමට වඩා රෝගීන් වැඩි සංඛ්‍යාවක් ඉන්නවා.
මේ අතර එක් එන්නත් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් 403 දෙනෙකු 27 වන දායින් අවසන් සතිය තුළ මියගොස් ඇති අතර මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 115 දෙනෙකු මියගොස් තිබේ.
එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 1126 ක් වන අතර මාත්‍රා දෙකම ලබාගෙන මියගොස් ඇති සංඛ්‍යාව 252 කි.
එය සමස්ත මරණ සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස 3% කි.
එමෙන්ම තවදුරටත් වයස අවුරදු 60 වැඩි පුද්ගලයින්ගේ මරණ ප්‍රතිශතය 76.6 % ක ඉහළ අගයක් ගෙන ඇති බව ද එම දත්තවලට ඇතුළත් ය.
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ වැඩසටහනේ සම්බන්ධීකාරක, සම්බන්ධීකාරක මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා,
අපි තේරුම් ගත්ත දෙයක් තමයි එන්නත ගත්ත වහාම ප්‍රතිශක්තිකරණය ඇතිවෙන්නේ නැහැ කියලා. සිරුරේ ප්‍රතිශක්තිකරණය ඇතිවෙන්න ගත්තොත් වැඩිපුරම දෙන්නේ සයිනෝෆාම් එන්නතනේ එතකොට සයිනෝෆාම් එන්නතෙන් අවශ්‍ය තරමේ ප්‍රතිශක්තිය ඇතිවෙන්න නම් දෙවන මාත්‍රාවත් දීලා සති දෙකක් වගේ යන්න ඕන. විශේෂයෙන්ම අවුරුදු 60 අයට මේ එන්නත ලබාදීම අතිශය වැදගත් දෙයක්. අර මුලින්ම එකඟවුණ වැඩපිළිවෙළක් තියනවානේ විද්‍යාත්මත පදනම මත එකඟ වූ වැඩපිළිවෙළක් තියනවා ඒ කියන්නේ ඉස්සලාම සෞඛ්‍ය සේවකයින්ට සහ වැඩි අවදානමක් තියන ඊට පස්සේ අවුරුදු 60 වැඩි ඒ වගේම සංකූලතා තියන ඒ වගේ පියවරින් පියවර යන ක්‍රමයකට එකඟවෙලා තියනවා නේ මම කියන්නේ අන්න ඒ විද්‍යාත්මක ක්‍රමවේදයටම තමයි අනුගතවිය යුත්තේ කියලා.