home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
යාල කුඩා සිතුල්පව්ව පුද බිමේ නිධන් සොරකමක්..
by Staff writer
01-09-2021 | 9:26 AM
COLOMBO (News 1st):
යාල වනෝද්‍යානයේ පිහිටි ඵෙතිහාසික සිතුල්පව්ව පුදබිමේ කුඩා සිතුල්පව්ව දැගැබ ඊයේ(31) රාත්‍රී නිදන් හොරුන් විසින් හාරනු ලැබ තිබේ.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, සොරොන් විසින් එහි තිබූ නිධන් වස්තු පැහැරගෙන ගොස් ඇති බවය. ඒ සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. ඒ සඳහා, පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද(01) අලුයම 1.00ත් 2.00ක් අතර දැගැබ හෑරිම සිදුව කර ඇති බවය. සිතුල්පව්ව පුදබිමේ ආරක්ෂාවට සිටින යුද හමුදා නිලධාරීන් විසින් දාගැබ සොරුන් විසින් හාරනු දැක පොලීසියට දන්වනු ලැබ තිබේ. පොලිස් නිලධාරීන් එහි යන විට සොරුන් පිරිස පළාගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, නිධන් සොරුන් යෝධකණ්ඩිය හා තිස්සමහරාම ප්‍රදේශවල පුද්ගලයින් බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවය. කාවන්තිස්ස රජු දවස ඉදිකළ සිතුල්පව්ව පුදබිමට අයත් එක් කදුගැටයක පිහිටි කුඩා සිතුල්පව්ච ජනතාවගේ වන්දනීයත්වයට පාත්රවන සුපතල පුදබිමකි. වංශකථාගත තොරතුරු අනුව මෙම පුදබිමේ අතීතයේ 12,000 භික්ෂුන්වහන්සේ වැඩසිටි බව සඳහන් වේ.
වෙනත් ලිපි
සා/පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ...
බැසිල්ට එරෙහි වරෙන්තුව තවදුරටත් බලාත්මකයි
රන් පැහැ T56:දුමින්ද යළි සැකකරුවෙක් කෙරේ...
ICC සභාපති සහ ජනපති අතර හමුවක්
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී ඇප මත මුදා හැරේ
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තුන්දෙනෙකුට අධි චෝදනා
විශේෂාංග
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
කිමිදුම්කරුවන් 4 දෙනාගේ සිරුරු සොයාගැනේ!
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
කිමිදුම්කරුවන් 4 දෙනාගේ සිරුරු සොයාගැනේ!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය