ඔෂිනි දේවින්‍යාට යොවුන් චෙස් ලෝක ශූරතාවලියේ අවු. 10න් පහළ බාලිකා ශූරතාවය

ඔෂිනි දේවින්‍යාට යොවුන් චෙස් ලෝක ශූරතාවලියේ අවු. 10න් පහළ බාලිකා ශූරතාවය

ඔෂිනි දේවින්‍යාට යොවුන් චෙස් ලෝක ශූරතාවලියේ අවු. 10න් පහළ බාලිකා ශූරතාවය

කර්තෘ Staff writer

01 Sep, 2021 | 3:19 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්‍යා ගුණවර්ධන යොවුන් චෙස් ලෝක ශූරතාවලියේ වයස අවුරුදු 10න් පහළ බාලිකා අංශයේ ශූරතාව දිනා ගෙන තිබේ.

ලොව පුරා රටවල් 100 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියට එක් වූයේ, අන්තර්ජාලය ඔස්සේය.

එහි මූලික වටයේ පැවැති තරගවලදී ඔෂිනි හමුවේ එංගලන්ත, ඉන්දීය සහ රුසියානු ක්‍රීඩිකාවන් පිරිසක් පරාජය විය.

ඇය සමග අවසන් තරගයට එක් වූයේ, අමෙරිකාවේ මේගන් පැරගුවා ක්‍රීඩිකාවයි.

එම තරගයෙන් ඔෂිනි ජය ගත්තා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]