බංග්ලාදේශයෙන් අ.ඩො. මිලියන 150ක්..

IMF එකෙන් මෙරටට අ.ඩො. මිලියන 780ක්: බංග්ලාදේශයෙනුත් අ.ඩො. මිලියන 150ක්..

by Staff writer 31-08-2021 | 6:48 PM

COLOMBO (NEWS1ST) : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්(IMF) ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 780ක මුදලක් ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ, බංග්ලාදේශයෙන් ද අමෙරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් ලැබී ඇති බවය. ඒ, බංග්ලාදේශ මහ බැංකුව හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර ස්වැප් හෙවත් මුදල් හුවමාරු පහසුකමක් ලෙසය. එම මුදල් මෙරටට ලැබීම හමුවේ ශ්‍රී ලංකාවේ විදේශීය සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ ය. මේ අතර චීන සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් අද (31)මෙරටට ලැබීමට නියමිතය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, වසර 10 කින් නැවත ගෙවිය හැකි සහන ණය කෝනදේසි යටතේ ලෙස එම මුදල මෙරටට ලැබෙනු ඇති බවය.