by Staff writer 31-08-2021 | 6:56 PM
COLOMBO (NEWS1ST) : බේරුවල ධීවර වරායට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය මෙරට නමගිය අපරාධකරුවෙකු විසින් විදේශීය රටක රැඳී සිට මෙරටට එවීමට කටයුතු කර ඇතැයි යන්න මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම හෙරොයින් තොගය විදේශීය මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ වෙමින් මෙරටට එවීමට කටයුතු කර ඇති බවය.
මේ අතර මෙම හෙරොයින් තොගය මාලදිවයිනට අයත් මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් බෝට්ටුවට ලබා දීමට කටයුතු කර ඇති බවත්, එය බලපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බෝට්ටුවක් බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
කිලෝග්‍රෑම් 290 කට අධික මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් 05 දෙනෙකු අද(31) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
ඒ, බේරුවල ධීවර වරායට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ බහු දින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියදී ය .
රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බව පොලීසිය පවසයි.
වැටලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක බලකායේ ද සහය හිමි විය.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.3කට අධික බව පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවේ බේරුවල පිහිටි මධ්‍යම යාන්ත්‍රික වැඩපපොළේ බෝට්ටු අංගනයට හෙරොයින් තොගය රැගෙන විත් අදාළ හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ .