by Staff writer 31-08-2021 | 9:27 PM
COLOMBO (NEWS1ST) : මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව අද(31) 9,000 ඉක්මවා ගියේ ය.
ඒ, තවත් කොරොනා මරණ 194 ක් වාර්තාවීමත් සමගිනි.
ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9,185 දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ(30) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවය.
ඒ අතර, පිරිමි පුද්ගලයින් 100 දෙනෙකු සහ කාන්තාවන් 94 දෙනෙකු වේ.
මියගිය පිරිසෙන් තිදෙනෙකු අවුරුදු 30 ට අඩු මරණකරුවන් ය.
අවුරුදු 30ත් 59ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 45 දෙනෙකු මියගිය පුද්ගලයින් අතර සිටී.
මියගිය පිරිසෙන් 146 දෙනෙකු අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය.