කැලණියේ සීනි ගබඩාවක් පරීක්ෂාවකට..

ජනවාරි සිට ගොඩ ගසා තිබු කැලණියේ සීනි ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ පරීක්ෂාවට..

by Staff writer 31-08-2021 | 9:01 PM

COLOMBO (News 1st) - පාරිභෝගික සේවා අධිකාරිය අද(31) කැලණිය, පට්ටිවිල ප්‍රදේශයේ සීනි ගබඩාවක් පරීක්ෂා කර තිබේ.

මෙම ගබඩාවේ දළ වශයෙන් සුදු සීනි මෙට්‍රික් ටොන් 3,250ක් සහ රතු සීනි මෙට්‍රික් ටොන් 520ක් ගොඩගසා තිබුණි. මෙහිදී අනාවරණය වූයේ, මෙම සීනි තොගය ජනවාරි මාසයේ සිට ගොඩ ගසා තිබූ බවය. මාධ්‍යවේදියා,
දැන් මේ සීනි තියෙනවානේ ඇති වෙන්න?
පාරිභෝගික නිලධාරියා,
සමාන්‍යයෙන් ඊයේ අහනකොට කිව්වේ මාස 06කට පස්සේ තමයි අපිට බලා ගන්න වෙන්නේ මිල. ඒ කියනකොට මාස 08ක් වෙලානේ දැන් ඔයාලට කොස්ට් එක ඔක්කොම හදාගන්න පුළුවන්නේ. දැන් ඔයාට මේක සීනි සුලබ කරන්න පුළුවන්නේ.
ගබඩා පාලක,
ඒ වුණාට අපි ලෝඩ් කරලා යවනවානේ දවසට මිටි 8000 ක් 10,000ක් වගේ. ලංකාව වටේම යනවානේ. පෙතියාගොඩ ඉඳලා අපි ඉශු කරනවා. ඊයෙත් අපි ලෝඩ් කලා ඕන තරම් සීනි තියනවා. දුර වැඩි නිසා වාහන මෙතනට එන්නේ නෑ. ඒ නිසා පෙතියාගොඩ ස්ටෝස් එකේ ඉඳලා ඉශූ කරනවා.