කුමුදුගේ 100m පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි

කුමුදු ප්‍රියංකාගේ මීටර 100 පැරාලිම්පික් පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි

by Staff writer 31-08-2021 | 2:06 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ කුමුදු ප්‍රියංකා 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයකට අද(31) සහභාගී විය.

කුමුදු ප්‍රියංකා අද සහභාගී වූයේ, මීටර 100 T47 කාන්තා ධාවන ඉසව්වේ පළමු මූලික වටයේ තරගයටයි. අතක ආබාධ සහිත ක්‍රීඩිකාවන් එම තරගයට සහභාගී වූ අතර කුමුදු ප්‍රියංකා තත්ත්පර 13යි දශම 3යි 1ක කාලයකින් තරගය අවසන් කළා ය. ඒ අනුව, ඇයට හිමි වූයේ 8 වැනි ස්ථානයයි. තත්පර 12යි දශම 1යි 4කින් තරගය අවසන් කළ වෙනිසුවෙලාවේ මරීනා වේරා ඇන්ඩ්‍රේ ප්‍රථම ස්ථානයට පත් වුණි. මෙම ඉසව්වේ අවසන් තරගය අද සවස පැවැත්වෙන අතර කුමුදු ප්‍රියංකා ඊට සුදුසුකම් ලැබුවේ නැත.