රුපියල් බිලියන 2.3කට අධික හෙරොයින් සමග 05 දෙනෙකු දකුණු මුහුදේදී අත්අඩංගුවට

රුපියල් බිලියන 2.3කට අධික හෙරොයින් සමග 05 දෙනෙකු දකුණු මුහුදේදී අත්අඩංගුවට

රුපියල් බිලියන 2.3කට අධික හෙරොයින් සමග 05 දෙනෙකු දකුණු මුහුදේදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

31 Aug, 2021 | 9:01 am

COLOMBO (NEWS1ST) : හෙරොයින් කිලෝග්‍රෑම් 259 කට අධික තොගයක් සමග සැකකරුවන් 05 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, නාවික හමුදාවේ සහාය ඇතිව බේරුවලට ආසන්න මුහුදු ප්‍රදේශයේ කළ වැටලීමකදීය.

හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.3කට අධික බව නාවික හමුදාව පවසයි.

පොලීසිය සඳහන් කළේ, එම හෙරොයින් තොගය බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී අද අලුයම අත්අඩංගුවට ගත් බවය.

රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත වැටලීම කළ බව පොලීසිය සඳහන් කළේ ය.

මෙම මත්ද්‍රව්‍ය තොගය විදේශයක සිට ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයක් බවට අනාවරණය වී තිබෙන බව පොලීසිය පවසයි.

මෙම වැටලීම සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරනු ලැබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]