අත්‍යාවශ්‍ය ආහාර සැපයීම ගැන නිවේදනයක්..

සහල්, සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය අධික මිල ගණන් අය කිරීම වළක්වමින් අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කෙරේ

by Staff writer 30-08-2021 | 10:14 PM

COLOMBO (NEWS1ST) : වී, සහල්, සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය සැඟවීම, අධික මිල ගණන් අය කිරීම වළක්වමින් අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද(30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.