මව්බිම රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්..

මව්බිම රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්..

by Staff writer 30-08-2021 | 6:26 PM

COLOMBO (News 1st) – ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිම රනින් සැරසූ සැරයන් දිනේෂ් ප්‍රියන්ත බලලත් නිලධාරී 01 දක්වා උසස් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එය අද(30) පස්වරුවේ සිට ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. යුද හමුදාපතිවරයා පැවසුවේ, ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය මත ඔහු උසස් කෙරුණු බවය. දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) උදෑසන දිනා ගැනීමට සමත් විය. ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර 67යි දශම 7යි 9ක දක්ෂතාවක් දක්වමිනි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පැරලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ දිනූ පළමු රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයකි.