ශ්‍රී ලංකාවට පළමු වරට පැරාලිම්පික් රන් පදක්කමක්..

හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවමින් පැරාලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

by Staff writer 30-08-2021 | 8:59 AM

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් විය.

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග අද උදෑසන පැවැත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර 67යි දශම 7යි 9ක දක්ෂතාවක් දක්වමිනි. ඒ අනුව ඔහුට එම ඉසව්වේ රන් පදක්කම හිමිවිය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පැරලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ දිනූ පළමු රන් පදක්කම මෙය වීම විශේෂත්වයකි.