by Staff writer 30-08-2021 | 11:14 PM
COLOMBO (News 1st) - මේ වනවිට මතභේදයට ලක්වී ඇති පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, ශ්‍රී ලාංකීය වාරි තාක්ෂණයේ විශිෂ්ට නිරිමාණයක් වූ පරාක්‍රම සමුද්‍රය වැනි අතිවිශාල ජලාශයකට කුමන ව්‍යාපෘතියක් සඳහා හෝ අත තැබීමේදී ඉතා සැලකිල්ලෙන් සිදු කළ යුතු බවයි.
වාරි තාක්ෂණයේ විද්‍යාත්මක දැනුවත්කමකින් යුතුව එවැනි කටයුතු සිදු කිරීම ගොවිජනතාව සහ මහා සංඝරත්නය බලාපොරොත්තු වීම සාධාරණ බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ගොවි ජනතාව සහ ප්‍රදේශයේ මහා සංඝරත්නය දැනුවත් කිරීමට තිබුණු බවත්, එමගින් ව්‍යාපෘතිය කිරීම හෝ නැවැත්වීමට මුලින්ම තීරණයක් ගත හැකිව තිබූ බවත් ඔහුගේ මතයයි.
දැනට ජලාශයේ බටහිර ප්‍රදේශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘතිය නවත්වා, පරාක්‍රම සමුද්‍රයේ මහවේල්ල නැගෙනහිර අවසාන කොටසින් එහා පස ඇති වෙල්යාය අතර අඩි පාරක් වැනි ප්‍රදේශය අදාළ ව්‍යාපාතියට භාවිත කළ හැකි බවට ද ඔහු සිය නිවේදනයෙන් යෝජනා කර ඇත.