by Staff writer 30-08-2021 | 10:20 PM
COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 216ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(29) තහවුරු කරන ලද එම මරණ අතරින් 115 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 101 දෙනා කාන්තාවන් වේ.
මියගිය පිරිස අතර අවුරුදු 30 ට අඩු මරණකරුවන් 05 දෙනෙකු සිටී.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 41 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 170 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය..