කොවිඩ්: ඖෂධයක් ගැන ‌අනාවරණයක්?

කොවිඩ් එකට ලෝකයේ තියෙන ඖෂධයක් හොයාගෙන... ඒක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් දුන්නේ... - රාජිත සේනාරත්න

by Staff writer 30-08-2021 | 10:34 PM

COLOMBO (News 1st) - දැඩි අවදානම් කොවිඩ් ආසාදිතයින්ට දෙන ඖෂධයක් ගැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් පළ කළේය.

දැන් කොවිඩ් එකට ලෝකයේ තියෙන ඖෂධයක් හොයාගෙන ඒක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයටත් දුන්නේ. සනීප වුණා. සායනික පරීක්ෂණ අවසන් කරලා දැන් අමෙරිකන් එෆ්.ඩී. ඒ එක පිළිඅරගෙන. අමෙරිකන් එෆ්.ඩී.එක පිළිගත්තහම ලෝකයේ ඕනම රටක් පිළිගන්නවා. යූරෝපා යූනියන් එකේ ඖෂධ අධිකාරීන් පිළිඅරගෙන ජපානය, ඉන්දියාව, පිළිඅරගෙන. තමුන්නාන්සේලා දන්නවා චන්දිම ජීවන්දර මැතිතුමා කෝවිඩ් පිළිබඳ පර්යේෂණ කරනවා මේ ඖෂධය රිජන් කොෆ් කියන ඖෂධය තුළින් රෝහල්ගත වීමත් මරණත් අඩු කරන්න පුළුවන් කියලා. මේ සමාගම ගිහිල්ලා මේකේ රෙජිස්ට්‍රේෂන් එක්ක ඉල්ලුවා ඇමතිවරයාගෙන්. ඇමතිවරයා හා.. තියලා යන්න කියන්න කියලා ෆයිල් එක තිබ්බා. කිසිම වැඩක් කෙරුනේ නැහැ. ඊට පස්සේ මේ සමාගම ගියා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ළඟට. ගිහිල්ලා මේ සියලුම ලිපි ලේඛන පෙන්වලා, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතන්දර පෙන්වලා කිව්වා අනිත් ඒවා ඔක්කොටම හොඳයි කියලා. එන්.එම්. ආර් එකට කිව්වා මේකට ලියාපදිංචිය දීලා ගෙන්වන්න කියලා. 23 වැනිදා එන්.එම්.ආර් එකේ සී.ඊ.ඕ වෛද්‍ය කමල් ජයසිංහ එයා මේ ලියුම නිකුත් කරනවා decision on outcome of emergency use permission of covid 19 REGEN COV MEDICINE by the NMR. 23 වැනි දා නමුත් 26 වැනි දා ආපහු ලියුමක්, තව කාගේ හරි නියමකට කියනවා, එයාට දෙන ලියාපදිංචිය කැන්සල් කරනවා. ඇයි ඒ මේ පත්තරවල ඒ ඖෂධවලට අනුමැතිය ලැබුණා කියලා තිබුණා කියලා. හරි මේක වැරැද්දක් නම්, මේකේ තියෙන්නේ ප්‍රවෘත්ති. ප්‍රවෘත්තියක් ගියා කියලා මේක වැරදිනම් ජීවිත බේරගන්න තියෙන ඖෂධයක් නම් එයාට දඩයක් ගහලා හරි මේක ගේන්නනේ තියෙන්නේ. මේ තරම්වත් මානුෂිකම් නැති මිනිස්සු මේවයේ ඇමතිකම් කරන්නේ.