.webp)
ආර්ථිකමය වශයෙන් රට අඟුලු දැමීමෙන් රටේ තිබෙන දළ දේශීය නිෂ්පාදනයට ලොකු හානියක් වෙනවා. ඒක අපි දන්නවා. සමහරක් අය ඒවා ගැන පමණක් කතා කරනවා. එහෙක බිලියන 2.2යි. ලෝක බැංකුව අරමුදල මෙහෙම කියනවා. තවත් කවුරුහරි අමෙරිකාවේ විශ්ලේෂකයෙක් තවත් විදියකට කියනවා කියලා තර්ක කරන්නට පුළුවන්. ඒ අය තේරුම් ගන්නේ නැති දේ තමයි මේ සුළු හා මධ්‍ය පරිමාණේ අය ගැන මොකක්ද කළ යුත්තේ කියලා. ඒ අයගේ ඒ සමීකරණයට අර පොඩි මිනිස්සු ගැන කිසිම කතාවක්වත් නෑ. ඒ වුණාට අපේ රජයට ඒ පිළිබඳව හැඟිමක් තිබෙනවා. එහෙම කෙරුවෝතින් අපිට පුළුවන් වේවි කැඳයි රැවුලයි දෙකම බේරගන්නට නම් අපි රට අරින්නට ඕනේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේන් ලබා දිලා තියෙන ඒ උපදෙස්වලට අනුව කටයුතු කරමින් ඒක කරන්න ඕනේප්රශ්නය,
දැන් ඔබතුමන්ලා මේ ඊයේ පෙරේදාත් බංගලාදේශෙනුත් මුදල් ගන්න යෝජනාවකට ගිහිල්ලා තියෙනවා.මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්,
ඔබතුමා ඒ ප්‍රශ්නේ අහන්නේ නිකන් බංගලිදේශේට සල්ලි තියෙන්න බැරිය කියනවා වගේ තමයි අහන්නේ. ඒක තමයි මන් කියන්නේ ඔබතුමාත් අහන්නේ ඒ මැති ඇමැතිවරු එහෙම කියන නිසා මං දන්නවා ඒක එහෙම වුණාට මං කිව යුතු දේ තමයි දැන් හැම රටක්ම තමන්ගේ සංචිත වෙන වෙන රටවල්වලට ගිහිල්ලා ආයෝජනය කරනවා. වැඩියෙන්ම ආයෝජනය කරන්නේ අමෙරිකාවේ. බංගලිදේශේ මුදලුත් ගිහිල්ලා අමෙරිකාවේ ආයෝජනය කරනවා. ශ්‍රී ලංකාවේ තියෙන මුදල් සංචිතත් ගිහිල්ලා අමෙරිකාවේ ආයෝජනය කරනවා. ඒකෙන් කියවෙන්නේ නෑ අමෙරිකාව දුර්වල රටක් අපි ශක්තිමත් රටක් කියලා. ඒකෙන් කියවෙන්නේත් නෑ අනිත් පැත්තත්. බංගලිදේශ බැංකුවෙන් ශ්‍රී ලංකාවට ආයෝජනය කෙරුවා නම් ඒකේ කිසිම ගැටලුවක් නෑ. මොකද ශ්‍රී ලංකාව ගිහිල්ලා අමෙරිකාවේ ආයෝජනය කරනවා.