මිලින්ද මොරගොඩ රාජකාරී අරඹයි..

ඉන්දියාවේ, ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ සිය රාජකාරී අරඹයි..

by Staff writer 30-08-2021 | 11:09 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ, ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කෙරුණු මිලින්ද මොරගොඩ මහතා අද(30) නිල වශයෙන් සිය රාජකාරී ඇරඹුවේ ය.

ඒ, නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදීය. මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් එහිදී නව මහකොමසාරිස්වරයා පිළිගත් අතර සංඝරත්නයේ ආශිර්වාද මැද ඔහු සිට රාජකාරී ආරම්භ කළේ ය. මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සූම් තාක්ෂණය ඔස්සේ මේ අවස්ථාවට එක්වීම විශේෂත්වයකි. අද(30) රාජකාරී ආරම්භ කළ මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා වෙත සිය අක්ත පත්‍ර භාරදීමට නියමිතය.