රට යන අයට එන්නත ගැන තියෙන ප්‍රශ්නවලට උත්තර

EXCLUSIVE: රට යන්න ඉන්න සිසුන්ට සහ ශ්‍රමිකයින්ට එන්නත ගැන ඇති ප්‍රශ්නවලට උත්තර මෙන්න..

by Chathurika Jayasundara 29-08-2021 | 1:26 PM

COLOMBO (NEWS1ST) : විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සූදානම් වන මෙරට ශ්‍රමිකයින්ට ඒ , ඒ රටවල් සඳහා ගැලපෙන එන්නත ලබා දීමේ වැඩසටහන යළි හෙට (30) සිට ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. ඒ අනුව , මංගල රන්දෙනිය මහතා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය පවසා පිළිබඳව සඳහන් කළේ ය. ? මෙම වැඩපිළිවෙළ පිළිබඳව සියලු තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ දැක්වෙයි. ? එම පුද්ගලයින් කාර්යාංශයට ගෙවිය යුතු මුළු මුදල ගෙවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ව ලියාපදිංචි විය යුතු ය. ?අනතුරුව සාර්ථකව මෙම ලියාපදිංචිය ලබා ගත්තේ ද , යන්න කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ඇති. ?නාරාහේන්පිට පිහිටි යුද හමුදා‌ රෝහලේදී එන්නත්කරණය සිදු කරන අතර, එය ද කෙටි පණිවිඩයක් මගින් නිශ්චිත දිනයක් හා වේලාවක් සඳහන් කර දැනුම් දෙනු ලබයි. ? අදාළ එන්නත් වර්ගය කුමක්ද යන්න පිළිබඳවත් මේ හරහා දැනුම් දෙනු ඇති.  මේ අතර විදෙස්ගත අධ්‍යාපනය සඳහා යොමුවන සිසුන් එන්නත් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ ය. මෙහිදී රන්දෙනිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එසේ අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන සිසුන් සෑම අවස්ථාවකදීම ඔවුන් සඳහා වූ එන්නත් වැඩපිළිවෙළට යොමු විය යුතු බවය. රැකියා සඳහා යොමුවන පිරිස්වලට අදාළ එන්නත් වැඩපිළිවෙළට සිසුන්ට යොමු නොවන ලෙසටත් රන්දෙනිය මහතා අවධාරණය කළේ ය. ස‌යිනෝෆාම් එන්නත විදෙස්ගත වන පිරිස් සඳහා පිළිනොගනී යන සමාජයේ පැතිරී යන මතය ගැනද, මංගල රන්දෙනිය මහතා පැහැදිලි කිරීමක් කළේ ය. මීට පෙර ස‌යිනෝෆාම් එන්නත පිළිනොගත් රටවල් වර්තමානයේදී එම එන්නත පිළිගනිමින් සිටින බවත්, ස‌යිනෝෆාම්හි තුන්වන මාත්‍රාවක් ලබා දී සිය රට සඳහා යොමු කරන්නැයි ද, විදෙස් රටවල්වලින් ඉල්ලීම් ඇති බව ද ඔහු සඳහන් කළේය. මේ අතර 30,000 කට අධික පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ වනවිට ලියාපදිංචි වී ඇති අතර, එයින් 12,000 කට අධික පිරිසකට එන්නත ලබා දී තිබේ. මංගල රන්දෙනිය මහතා විශේෂයෙන් සඳහන් කර සිටියේ, ඉදිරි සතිය හෝ සති 02ක් ඇතුළත විදෙස්ගතවීමට බලාපොරොත්තු වන්නේ නම්, 1989 අමතා සිය කරුණු පැහැදිලි කර කඩිනම්න් එන්නත්කරණය සඳහා යොමුවිය යුතු බවය. මීට අමතරව විදෙස්ගතවීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයින්ට යම් ගැටලුවක් ඇති නම්, පැය 24 පුරා ක්‍රියාත්මක 1989 අමතා සිය ගැටලුව ඉදිරිපත් කර සිය ගැටලුවට විසඳුම් ලබා ගත හැකිය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය මහතා සමග නිව්ස්ෆස්ට් කළ සාකච්ඡාව පහතින්.. https://youtu.be/7QmD-M6cHGY