වාහන ගේන එක, ඇවිදින මංතීරු හදන එක ප්‍රමුඛතාවය නම්, සමෘද්ධිලාභියාට ලැබෙන්න තියෙන රුපියල් 2000 කප්පාදු කරන්නේ ඇයි? - සුනිල් හඳුන්නෙත්ති

by Staff writer 29-08-2021 | 10:37 PM

COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (29) පක්ෂ මූලස්ථානයේ සිට ඔන්ලයින් ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් කොවිඩ් වංසගතය මැද සිදුවන බව කියන කටයුතු කිහිපයක් පිළිබඳව විවේචනාත්මකව අදහස් පළ කළේ ය.

සීනීවලට මොකද වෙන්නේ ?

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා,
ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ තමයි ආණ්ඩුව මේ සීනිවලට උපරිම මිලක් පණවලා ගැසට් පත්‍රයක් නිකුත් කළේ සීනිවල උපරිම මිල රු.85 ක් විය යුතුයි කියලා මෙතන දැවැන්ත බදු වංචාවක් සිද්ධ වුණා. මොකද ඒ වෙනකොටත් වරායට ගෙනල්ලා තිබිච්ච සීනි කිලෝ 1ට සත 25කට පැනවු බද්ද නිසා විශාල බදු ප්‍රමාණයක් ඒ වංචාකරුවන් විසින් ආණ්ඩුවේ ගජ මිත්‍රයන් විසින් කොල්ල කෑවා. මෙට්‍රක් ටොන් අනු දාහක් ඒ වෙනුවට සීනි ගබඩා වල්වල තියෙනවා කියලා ජනතාවට පොරොන්දුවක් වුණා. නැවත මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නෙ නෑ මැයි මාසේ දක්වා මිල සංශෝධනයක් අවශ්‍ය වෙන්නේ නෑ කියලා. ඒ උපරිම මිල සීමාව කියන එක අප්‍රේල් මාසේ ඉවත් කලා. දැන් පාරිභෝගික කටයුතු ඇමැතිවරයා කියනවා මිල පාලනයක් නැති නිසා රු. 100 කින් මිල වැඩි වුණත් මට කරන්න දෙයක් නෑ. එතකොට එදා රු. 88 ගෙනාපු සීනි 80 ට  ගෙනාපු සිනි මෙට්‍රික් ටොන් අනු දාහක් විතර ගබඩාවල තිබිච්ච සීනි තමයි අද මේ රු.100 ක110 කින් 120ක ලාබ තියාගෙන තොග මිලටම ලාබ තියාගෙන අද මේ වෙළෙඳපොළට නිකුත් කරමින් ඉන්නේ. මේක එතකොට ලෝක වෙළෙඳපොළේ ඩොලරයත් එක්ක තියෙන ප්‍රශ්නයක් ද නැත්තම් ලංකාවේ වෙළඳපොළේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ ගජ මිත්‍රයෝ විසින් සිනි හංඟගෙන වෙළඳපොළට නිකුත්  කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්ද?

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩි වෙන්නේ ඇයි?

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා,
මේ ආණ්ඩුවේ ගජ මිත්‍රයන්ගේ මේ වෙළඳ ඒකාධිකාරිය හදා දිමේ ප්‍රතිඵල අද පාරිභෝගිකයා අත්විඳිනවා. රු. 200 දක්වා හාල් කිලෝ එකේ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා විවිධ වර්ගවලින් රු. 100 ට තිබිච්ච පරිප්පු කිලෝ එක 160 වුණා. දැන් 260 වෙලා තියෙනවා. 140 ට තිබිච්ච අල කිලෝ එක අද ඉන්දියාවෙන් ගේන අල කිලෝ එක රු. 200. ලංකා අල කිලෝ එක රු.250යි .ලුණු කිලෝ එකක් රු.100 ට තිබිච්ච එක ලොකු ලුණු කිලෝ එක රු.130යි. හාල්මැස්සෝ කිලෝ එකක් රු. 340 ට තිබිච්ච එක තොග මිල 750 යි සිල්ලර මිල 1100යි . පොල්තෙල් ලීටරයක් රු. 380ට 400 ට තිබිච්ච එක අද 750යි. නිත්‍යානුකුලවම ඉන්ධන මිල වැඩි කළා. ගෑස් සිලින්ඩරයේ මිල වැඩි කලා. කිරිපිටි මිල වැඩි කලා. ඒ වගේම පාන් ගෙඩිය බනිස් ගෙඩියේ මිල වැඩි කලා. මේක තමයි සාමාන්‍ය ජනතාවට අද වෙළෙඳපොළේදී ජීවත් වෙන්න ලැබිලා තියෙන ඛේදජනක මට්ටම ආණ්ඩුව සහනයක් දෙන්න ඕන වෙලාවේ ගහෙන් වැටුණු මිනිහාට  දෙතුන් පාරක් ගොනා අනින්නා වගේ අද ආණ්ඩුව කරන්නේ බෙහෙත්වල මිල වැඩි කරලා ජනතාව තවත් පීඩාවට පත් කිරිම. අපි අහනවා මේක මොන පදනමින් මේ ඖෂධ මිල වැඩි කිරීම ආණ්ඩුව ගෙනාපු තීරණයක් ද? ඇත්තටම මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ජනතාවගෙන් පළිගනිමින් ඉන්න අවස්ථාවක් හැටියට තමයි දකින්න තියෙන්නේ මේ වෙළෙඳපොළේ අද ඇති කරලා තියෙන තත්ත්වේ නිසා.

ආණ්ඩුව හිතන්නේ කවුරුන් ගැන ද?

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා,
ආණ්ඩුවේ ඇමැතිවරු කතා කරනවා අපි දැක්කා ඊයේත් අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමැතිවරයා කියනවා මේ රට අරින්න ඕනේ. රට වහලා තියාගන්න බෑ. ලංකාව තවදුරටත් මේ විදියට ඉස්සරහට යන්න බෑ. පුංචි මිනිහාට සාධාරණයක් කරන්න ඕනේ. හැබැයි මේ බඩු මිල වැඩි වෙනකොට ජීවන වියදම වැඩි වෙනකොට අත්‍යවශ්‍ය බෙහෙත්වල මිල වැඩි කරලා ආණ්ඩුව මිල ගැසට් නිවේදන ගහන කොට ආණ්ඩුවට පුංචි මිනිහා මතක් වෙලා නැ. එතකොට කවුරු වෙනුවෙන්ද මේ රට අරින්න කතා කරන්නේ. තමන්ට බලයට එන්න උදව් කරපු ජාවාරම්කාර සුළු පිරිසක් පිළිබඳව. ඔවුන් එක පැත්තකින් කොවිඩ් එන්නතින් කිට් එකෙන් එහෙම නැත්තම් අහිංසක මිනිසුන් නිරෝධායනය කරන තැනින් ඒ හෝටල්වලින් කොවිඩ් වසංගතය ව්‍යාපාරයක් කරන් ඉන්නවා වගේම අද මේ වෙළෙඳපොළේ ඇතිවෙලා තියෙන මිනිසුන් පීඩාවට පත් වෙලා තියෙන ජීවන වියදමෙනුත් ඒ අය හම්බ කර ගන්නවා. ඒ ගොල්ලෝ ඒක ජාවාරමක් කරන් තියෙනවා ජනතාවට සහනයක් දෙන්නේ නෑ. ආණ්ඩුවේ වියදම් කරන දේවල් බවට පත් වෙලා තියෙනවා. අපි දකිනවා පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ  අද ජොගින් පාර්ක් එක හදන එක. ඇවිදින මං තීරු අවශ්‍යයි රටට. අපි ඒ අවශ්‍යතාවය ප්‍රමුඛතාවයක් ද මේ රටට කියලා බලන්න ඕනේ මේ වෙලාවේ. ඩොලර් මිලියන එක්දාස් අටසිය ගාණක් වියදම් කරලා කැබ් රථ 62ක් ගේන්න අලුත් මුදල් ඇමැතිවරයාට ඒ මුදල් අමාත්‍යංශෙට ඒකද මේ රටට මේ වෙලාවේ ප්‍රමුඛතාවය. ආයෝජන මණ්ඩලයට අවශ්‍ය තට්ටු 2ක් ප්‍රතිසංස්කරණය කරන්න ආණ්ඩුව ලක්ෂ 700 ගාණක් වියදම් කරා. ඉතින් ඒ අවශ්‍යතාවය ප්‍රමුඛතා අවශ්‍යතාවක් නම් ඇයි අද ආදායම් මාර්ග අහිමි වෙලා ඉන්න  සමෘද්ධිලාභි  ප්‍රතිලාභින්ට ලැබෙන්න තියෙන ඒ ප්‍රතිලාභය ලැබෙන මනුස්සයාට මේ රු. 2000 දෙන එක කප්පාදු කරන්නේ ?