මහේෂ් ජයකොඩි 06වැනි ස්ථානයට..

පැරාලිම්පික්: මහේෂ් ජයකොඩි B කාණ්ඩයේ අවසන් තරගයේදී 06වැනි ස්ථානයට..

by Staff writer 29-08-2021 | 2:22 PM

COLOMBO (News 1st): ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළලේ පී.ආර් එක, පිරිමි කේවල B කාණ්ඩයේ අවසන් තරගයට අද(29) සහභාගි විය.

ඔහු එහිදී තරගය අවසන් කළේ, 06 වැන්නා ලෙසය. මහේෂ් මෙම තරගයේදී මිනිත්තු 13යි තත්පර 12යි දශම 3යි 3ක කාලයක් සටහන් කළේය. මේ අතර එම තරගය ජයගත් රුසියානු පැරාලිම්පික් කමිටු කණ්ඩායමේ ඇලෙක්සි ෂුවාෂෙෆ් වාර්තා කළ කාලය මිනිත්තු 10යි තත්පර 26යි දශම 9යි 9කි. දෙවැනි ස්ථානය ජර්මනියට හිමි වූ අතර මෙක්සිකෝව තුන්වැනි ස්ථානයට පත්විය.