by Staff writer 29-08-2021 | 9:58 PM
COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 192 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(28) තහවුරු කරන ලද එම මරණ අතරින් 109 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 83 දෙනා කාන්තාවන් වේ.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 36 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 156 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.