by Staff writer 29-08-2021 | 11:19 PM
COLOMBO (News 1st) - කඩවත, ඇල්දෙණිය, ජනතා මාවතේ දෙමහල් නිවසක පිළිස්සී මියගොස් සිටි යුවළගේ මරණ සම්බන්ධයෙන් තවත් තොරතුරු ආනාවරණ වී තිබේ.
එලෙස මියගොස් තිබුණේ, 57 හැවිරිදි සහ 53 වයසේ පසු වූ අඹුසැමි යුවළකි.
පොලීසිය සඳහන් කළේ, මියගිය කාන්තාවගේ අතේ තිබි දම්වැලක් සොයාගත් බවයි.
ඒ අනුව ඇයව බැඳ දමා ඇයගේ ස්වාමි පුරුෂයා ද ගිනි තබා ගන්නට ඇතැයි පොලීසිය සැක කෙරේ.
ඊයේ(28) අලුයම 4.30 ට පමණ ඔවුන් සිටි නිවස ගිනි ගන්නා අවස්ථාවේදී කාන්තාවක් කෑ ගසන හඬක් ඇසුණු බවට ප්‍රදේශවාසින් පොලීසියට ප්‍රකාශ කර තිබුණි.
කාන්තාව ඝාතනය කර ඇද්ද? නැද්ද? යන්න හෙට(30) දිනයේ රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ කර ගැනීමට හැකි බව කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.
https://youtu.be/7jZMhzyLaM4