සංචාරකයින් ගෙන්වීමේ සැලැස්මක්

ඊශ්‍රායලය, රුසියාව, ප්‍රංශයෙන් සංචාරකයින් ගෙන්වීමේ සැලැස්මක්

by Staff writer 29-08-2021 | 10:36 PM

COLOMBO (NEWS1ST) : ඊශ්‍රායලය , රුසියාව සහ යුරෝපා රටවල්වලින් සංචාරකයින් මෙරටට ගෙන ඒමට රජය සැලසුම් කර ඇතැයි අද(29) ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එළැඹෙන නොවැම්බර් මස ප්‍රංශයෙන් ද සංචාරකයින් රැගෙන ඒමට සුදානම් බව එම වාර්තාවේ සඳහන් ය. මේ දිනවල ලෝකයේ වැඩිම ආසාදිතයින් ප්‍රතිශතයක් වාර්තා වී ඇති රටවල් අතරට ඊශ්‍රායලය ද අයත් ය. එරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 7500 ක් ලෙස වාර්තා වෙයි .