by Staff writer 29-08-2021 | 9:58 PM
COLOMBO (News 1st) - කොවිඩ් ආසාදිතව මියයන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ ප්‍රතිශතය තවදුරටත් ඉහළ යමින් තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ දත්තවලට අනුව පසුගිය 20 වැනිදායින් අවසන් වූ සතිය තුළ එම ප්‍රතිශතය සියයට 77.4%කි.
පසුගිය 20 වැනිදා වනවිට නිවාස තුළ මියගිය කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව 900 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
20 වැනි දායින් අවසන් සතිය තුළ පමණක් ආසාදිතයින් 155 දෙනෙකු නිවෙස් තුළ මියගොස් ඇත.
රෝහලට ඇතුළත් කරන අතරතුර මියගිය සමස්ත සංඛ්‍යාව 427 කි.
20 වැනි දා යින් අවසන් සතියක කාලය තුළ 65 දෙනෙකු රෝහල්ගත කරන අතරතුර මියගොස් ඇත.
මේ අතර එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 722 දෙනෙකු මියගොස් ඇති අතර එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් තිබේ.
පසුගිය 20 වැනිදායින් අවසන් වූ සතිය තුළ පමණක් මාත්‍රා දෙකම ලබා සිටි පුද්ගලයින් 74 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන් ය.