සංශෝධිත නව වීසා ගාස්තු හා දඩ මුදල් මෙන්න

වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කෙරේ: නව ගාස්තු මෙන්න..

by Staff writer 28-08-2021 | 4:19 PM

COLOMBO (NEWS1ST) : නව ආගමික හා විශාමික රෙගුලාසි අනුව වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර තිබේ.

ඒ, අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ, ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටීමට වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කරනු ලබන බවය. ඒ අනුව සංශෝධිත වීසා ගාස්තු මෙසේය.