COLOMBO (News 1st) - මතුගම පොලීසියේදී මිය ගිය බව කියන පුද්ගලයාගේ මරණ පරීක්ෂණය සිදු කරන ලෙස අධිකරණය නියෝග කර අදට දින 03කි.
අද මොකද වුණේ..?
මිය ගිය පුද්ගලයාගේ බිරිඳ,
අද උදේ 8.00ට කෝල් කරලා කිව්වා උදේ 8.45ට නාගොඩ රෝහලේ මෝචරිය ගාවට එන්න කියලා. අද ගෙනියනවා කියලා කිව්වා. ඊයෙත් 12.00 වෙනකන් කොළඹ මුල්ලේරියාව රෝහල ගාව මාව රස්තියාදු කළා. මම ත්‍රීවිල් එකක් ණයට හයර් එකට අරන් ගියේ. අද මට අතේ සල්ලිත් නැහැ, අදත් මේගොල්ලෝ මාව රස්තියාදු කරයි ද දන්නේ නැහැ. අදත් අරන් එයිද දන්නේ නැහැ. දැන් මම කෝල් කරලා කිව්වාම යන්නලු ඒගොල්ලෝ එනවාලු.
අද පෙරවරුවේ මළ සිරුර කළුතර නාගොඩ රෝහලේ සිට අඩී.ඩී.එච්. රෝහල වෙත ගෙන එනු ලැබුවේ ය.
මිය ගිය පුද්ගලයාගේ බිරිඳත් අද(28) මෙම රෝහල වෙත පැමිණ සිටියා ය.
එහෙත් අදත් මරණ පරීක්ෂණය සිදු කෙරුණේ නැත.
මිය ගිය පුද්ගලයාගේ බිරිඳ,
ඇතුළට ගියාම අපෙන් ගහපු විස්තරයි ඔක්කොම කටඋත්තර ගත්තා. ඩොක්ටර් කෙනෙක් ලියා ගත්තා. ඒගොල්ලෝ බොඩි එක බලන්න හැදුවේ අපි නැතුව. මම කිව්වා මට පෙන්නන්න කියලා. ඊට පස්සේ පෙන්නුවා. අඳුනන්න මොකුත් බැහැ. බොඩි එක සේරම නරක් වෙලා. දවස් 03 කින් කිව්වා මරණ පරීක්ෂණය කරන්නේ. අඟහරුවාදා කිව්වා කරන්නේ. සී.ටී.ස්කෑන් එකක් කරනවා කිව්වා මුළු ඇඟම. කරලා ගහලා තියනවානම් හරියටම කියනවා කිව්වා. අඟහරුවාදා හවසට අපිට කියන්නම් කිව්වා.
මෙම පුද්ගලයා මිය ගියේ කොරෝනා වැළදීමෙන් බවට පොලීසිය කියන්නේ නම් බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් නිරෝධායනය විය යුතුයි.
නමුත්, ඒ වෙනුවට ඇයට දින 07 ක් පුරා තවමත් තැන, තැන රස්තියාදු වෙමින් සිටීමට සිදුව ඇත.