මහේෂ් ජයකොඩි B කාණ්ඩයේ අවසන් තරගයට

පැරාලිම්පික්: ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි B කාණ්ඩයේ අවසන් තරගයට..

by Staff writer 28-08-2021 | 2:14 PM

News 1st - ශ්‍රී ලංකාවේ මහේෂ් ජයකොඩි 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පී.ආර්. 01, පිරිමි කේවල ඔරු පැදීමේ ඉසව්වට සහභාගී විය.

අද (28) උදෑසන පැවැති එම තරගයේ රෙපර්චාජ් තරග වටයට එක් වූ ඔහු සටහන් කළ කාලය මිනිත්තු 11යි තත්පර 21යි දශම 3යි 1කි. මහේෂ්, එම ඉසව්වේ 06 වැනි ස්ථානයට පත් වූ අතර, ඔහු ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන B කාණ්ඩයේ අවසන් තරගයට පිවිසියේ ය. එම තරගය හෙට (29) පැවැත්වීමට නියමිතය. 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ අද තරග පැවැත්වෙන සිව්වැනි දිනයටයි.