පාස්කු ප්‍රහාරයේ සුළමුල මේ විදියටනම් හොයන්න බැහැ

පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයේ, සුළමුල මේ විදියටනම් හොයන්න බැහැ.. - ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා

by Staff writer 28-08-2021 | 10:52 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සම්බන්ධයෙන්, සමාජ ක්‍රියාකාරික ෂෙහාන් මාලක මහතාගෙන් අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සාධාරණත්වය ඉටු කර ගැනීම සඳහා වන අගරදගුරු පදවි කමිටුව අද (28) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳව අදහස් පළ කළේ ය. පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉටු කරගැනීම සඳහා වන අගරදගුරු පදවි කමිටුවේ සාමාජික,ගරු සිරිල් ගාමිනී ප්‍රනාන්දු පියතුමා,
දැන් මේ තරුණයා කරපු ප්‍රකාශයක් හේතුවෙන් තමයි මේ කැඳවීම කරලා තියෙන්නේ. නමුත් ඊට වඩා තොරතුරු ඊට වඩා තොරතුරු දන්නවා කියලා. පාස්කු විමර්ශන කොමිසන් සභාව පිළිඅරගෙන නිර්දේශ කරපු පුද්ගලයන් කිහිපදෙනෙක් සිටිනවා. ඒ දේවල් නොකර මේ විදියේ දෙවල් කිරීමෙන් දෙන්න යන පණිවුඩයක් තියනවා කියලා අපිට හිතෙනවා ඒ තමයි මේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් කතා කරන්නට එපා කියන එකයි. මෙන්න මේ මර්දනය නම් මේ ආරම්භ කරන්නට යන්නෙ. එහෙම නම් අපිට හොඳටම විස්වාසයි. අපි බලාපොරොත්තු වෙන මේ සදාරණත්වය යුක්තිය සහා මේ පාස්කු ප්‍රහාරයෙ පිටුපස තියන කුමන්ත්‍රරණයේ සුළමුළ සත්‍ය සොයා ගන්නට මේ විදියට නම් පුළුවන් වෙන්නෙ නෑ කියලා.