තවත් කොරෝනා මරණ 212ක්..

තවත් කොරෝනා මරණ 212ක්: මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8,500 ඉක්මවයි..

by Staff writer 28-08-2021 | 10:03 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 212ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(27) තහවුරු කරන ලද එම මරණ අතරින් 109 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 103 දෙනා කාන්තාවන් වේ. එම කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් දෙදෙනෙක් සිටී. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 37 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 173 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,583ක් දක්වා ඉහළ ගියේ ය.