ඖෂධ වට්ටෝරු ඇතුළත් රජයේ දත්ත පද්ධතිය මකා දැමුවේ කා‌ගේ උවමනාවකටද?

by Staff writer 28-08-2021 | 9:48 PM

COLOMBO (News 1st) - රටේ ආරක්ෂාවට අදාළ දත්ත ඇතුළු වැදගත් තොරතුරු යනු රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු වේ.

එවන් රජයේ සංවේදී දත්ත පද්ධතියට හොර රහසේ ඇතුළු වූයේ කවුද? ඖෂධ වට්ටෝරු, ඇනවුම්, බෙදාහැරීම් හා මිලදී ගැනීම් තොරතුරු අදහාගත නොහැකි ලෙස මැකුණේ කොහොමද? මේ ගැන විමර්ශන කඩිනම් කරන ලෙස අදත් සංවිධාන රැසක් රජයෙන් ඉල්ලා සිටියේය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඊ- එන් එම් ආර් දත්ත අවකාශයේ තොරතුරු මැකී ගිය බව සියලු වගකිව යුතු ආයතන පිළිගනී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරන හෙයින් වැඩි විස්තර ඉන්පසුව ලබාදෙන බව ජාතික ඖෂධ අධිකාරිය පැවසුවේ ය. එහෙත් මේ තොරතුරු අහිමි වීම සාමාන්‍යය සිද්ධියක් ලෙස ඉවසා සිටිය යුතු ද ? වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා,
අර බොන්ඩ්ස් ස්කෑම් එක වගේ විශාල ස්කෑම් එකක් මේ වෙලාවේ සිද්ධ වෙමින් පවතිනවා අපේ රටේ ඩේටා ස්කෑම් එකක්. රජයේ ක්ලවුඩය, එහෙම නැත්නම් රජයේ දත්ත පද්ධතියට හොරු ඇතුළු වෙලා ඉන්නවා නමුත් අපි දන්නේ නෑ කවුද මේ හොරු කියලා. මේක පස්සේ ජනාධිපති කොමිෂන් දාලා, අර එක එක හොරකම් හෙව්වා වගේ හොයන්න ලෑස්ති වෙන්න එපා, මේ වෙලාවේ හොරකම් කරන මේ වෙලාවේම හෙළිදරව් කරන්න. හෙළිදරව් කරොත් ඖෂධ නියාමන අධිකාරියේ සිද්ධ වෙන බොහෝ හොරකම් හෙළිදරව් කරගන්න පුළුවන්. මොකද ඖෂධ නියාමන අධිකාරියට ජාත්‍යන්තර වශයෙන් ඖෂධ නිෂ්පාදන සමාගම්, විවිධ උපකරණ නිෂ්පාදනය කරන සමාගම්, තමන්ගේ නිෂ්පාදනයේ රහස් වාර්තා ලබා දෙනවා. එතකොට අපි අපේ මේ දත්ත පද්ධතිය මේ තරම් අවිධිමත්ව හසුරවනවා නම් දත්ත මැකුවේ කවුද කියලාවත් දන්නේ නැත්නම් අපිට ඉදිරියේදී සමහර විට ප්‍රධාන රටවලින් ඖෂධ දෙන එකක් නැහැ, ඖෂධයක් ලියාපදිංචි කරන්න තොරතුරු දෙන එකක් නැහැ, මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය දක්වන මුනිවත පිළිබඳව අපි බරපතල සැකයක් තියනවා කියන එක අපි කියනවා, මේක පිළිබඳ හොයන්න කියන එක තමයි අපේ ඉල්ලීම.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති, රංජිත් විතානගේ මහතා,
මේ ආයතනයට මේ බැකප් එකක් තබාගෙන නැත්නම් එහි වරද ඔවුන් භාර ගත යුතුයි. කාගේ හෝ උවමනාවකට එන්.එම්.ආර්.ඒ. එහෙම නැත්නම් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව අතුරුදහන් කළා ද, එහෙම නැත්නම් අත්වැරදීමකින් මේක වුණාද කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ඉතාමත් වේගවත්ව ගෙන යා යුතුයි. එහෙම නම් මේ සිදුවීම පිටුපස කවුරුහරි බළල් හස්තයක් තිබෙනවා, මේ කියන මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රශ්න කරන්න බැරි?
සමගි ජන බලවේගයේ පා.ම, මුජිබර් රහුමාන්  මහතා,
ඉතිං මොවුන්ගේ තිබුණු ඒ දත්ත මැකි ගියේ කොහොමද ඒක කාවිසින් කරපු දෙයක්ද? ඒක ඇවිල්ලා කවුරුහරි පිටිපස්සේ ඉඳගෙන තමන්ගේ මේ තියෙන ඖෂධ මාෆියාවක් මේ පිටිපස්සේ ඉඳගෙන මේක කලාද කියන ප්‍රශ්නය පැන නැඟිලා තියෙනවා. මම හිතනවා ඒ ජනතාවගේ සැකය වඩ වඩාත් රජය වෙතට එල්ලවීගෙන යනවා. රජය වහාම මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕනේ. කරලා ඒ දත්ත මකා දාන්න හා ඒවාට ක්‍රියාකරපු අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක  තමයි අපි කියන්නේ